fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානය ඉන්දියාවට අභියෝග කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:30

පාකිස්ථානය ඉන්දියාවට අභියෝග කරයි

ඉන්දියාවට අභියෝග කරන බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළා. කාශ්මීරයේ විශේෂ තත්ත්වය ඉවත් කිරිමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. එය පිළිගත නොහැකි බවයි පාකිස්ථානයේ අදහස.

ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමත් අග‍්‍රාමාත්‍යවරයාගේ අරමුණක්. ගැටළු විසදීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවට මැදිහත් වන ලෙසටත් ඔහු ඉල්ලීමක් කළා. කලාපයේ අස්ථාවරත්වයට ඉඩ ලබාදීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් කඩිනම් ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි පාකිස්ථානය සඳහන් කළේ.

කාශ්මීරයට අමතර බළකායක් යොමු කිරිමටත් ඉන්දියාව පියවර ගත්තා. ලාහෝර් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වුණා. පාකිස්ථානය ඉන්දිය මහ කොමසාරිස්ගෙන් ද තොරතුරු විමසා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්