fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරු දෙකකින් හතර දෙනෙකු මියගොස් හය දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:45

රිය අනතුරු දෙකකින් හතර දෙනෙකු මියගොස් හය දෙනෙකුට තුවාල

රිය අනතුරු දෙකකින් හතර දෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොණරාගල වැල්ලවාය මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේදී වෑන් රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකු තුවාල ලැබුවා. මියගොස් ඇත්තේ ලොරි රථයේ හා වෑන් රථයේ ගමන් ගත් පනස් එක් හැවිරිදි හා හැටතුන් හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ. තුවාල ලැබූවන් වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර මිගමුව ශාන්ත කිතුලා ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටිමෙන් 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo