රුපියල් කෝටි තුනක් වටිනා මැණික් ඇතුළු ආභරණ සොරාගත් සැකකරුවන් 5ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:17

රුපියල් කෝටි තුනක් වටිනා මැණික් ඇතුළු ආභරණ සොරාගත් සැකකරුවන් 5ක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් වටිනා මැණික් ඇතුළු ආභරණ සොරාගත් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. මැණික් වෙන්දේසියකට ඒවා ඉදිරිපත් කර තිබෙනවා.

එය ඉදිරිපත් කළ පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරිමේ දී තොරතුරු රැසක් හෙළිකර ගැනීමට පොලිසියට හැකි වුණා. සැකකරුවන් අතර ගුරුවරුන් දෙදෙනෙකු හා හිටපු හමුදා සෙබලුන් ද වන බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පැල්ලමඩුල්ල පොලිසියයි සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2019 09:17

Default