fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පළිගැනීම් හා ජාතිවාදය තුරන් කළොත් රට ඉදිරියට යා හැකියි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 19:02

දේශපාලන පළිගැනීම් හා ජාතිවාදය තුරන් කළොත් රට ඉදිරියට යා හැකියි

ආර්ථික සංවර්ධනය තුළින් පමණක් රටක දියුණුව ඇති නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආර්ථික සංවර්ධනයත් සමග ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

දේශපාලන පළිගැනීම් හේතුවෙන් හා මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවෙන් පීඩාවට පත් වූ පිරිස් සඳහා වන්දි ප්‍රදානය අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දුන්නේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන්ට වන්දි ගෙවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ ද ඊට විවිධ බාධා එල්ල වූ බවයි.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන හා රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූවා. මැතිඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්