fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපිලිපන් දේශපාලන සංස්කෘතියකට නිර්දේශාවලියක් ජනපති ඇතුලු දේශපාලන නායකයින්ට පිළිගැන්වේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 18:44

සුපිලිපන් දේශපාලන සංස්කෘතියකට නිර්දේශාවලියක් ජනපති ඇතුලු දේශපාලන නායකයින්ට පිළිගැන්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීමේ උත්සවයට එක්වෙමින්.

ශ්‍රී ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා දේශපාලන නායකයින්ට හා මහජනතාවට නිර්දේශාවලියක් ඉදිරිපත් කිරීමේ උත්සවය අද (06) පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු පක්‍ෂ නායකයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා. මෙය සංවිධාන කර තිබුණේ බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයයි.

එහිදී සුදුසුකම් ඇති මැතිවරණ අපේක්‍ෂකයින් තෝරාපත්කර ගැනීම සඳහා දේශාපලන පක්‍ෂ නායකයින් හා මහජනතාව වෙත ඉදිරිපත් කරන මෙම නිර්දේශාවලිය පළමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පිළිගන්වනු ලැබුවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාට ද මෙහිදී මෙම නිර්දේශාවලිය පිළිගැන්වුණා. මහජනතාව නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් ද සංකේතාත්මකව මෙම නිර්දේශාවලිය පිළිගැන්වීම සිදුකෙරුණා. අනතුරුව ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතුවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්