fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාපරිකයින්ට බදු සහන දෙන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 18:28

ව්‍යාපරිකයින්ට බදු සහන දෙන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

2019 අය වැයෙන් යෝජිත බදු සංශෝධනය සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පතට හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල්, සංචාරක නිකේතන, ආපන ශාලා, ව්‍යාපාර සදහා දේශීය බැංකුවක් හරහා විදේශීය මුදල් ලැබෙන්නේ නම් එම මුදල් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කෙරෙනවා.

එසේම විනෝදාස්වාදය සහ ක්‍රීඩා සදහා වන යාත්‍රා හා නැව් ආනයනය කිරීමද එම බද්දෙන් නිදහස් වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උප කොන්ත්‍රාත්කරුවන්ට ලබාදෙන ජාතිය ගොඩනැගීමේ බදු නිදහස ප්‍රධාන කොන්ත්‍රාත්කරුටද හිමිවනු ඇති. සැකසුම් නොකරන ලද මැණික් ආනයනය කිරීමේදී ද බදු නිදහස හිමිවන අතර පිරිපහදු නොකළ ෆාම් තෙල් යොදාගෙන දේශීයව නිෂ්පාදනය කෙරෙන ෆාම් තෙල් ද මෙම බද්දෙන් නිදහස් කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

බදු කාල පරිච්ඡේදයක් අවසානයේ එළඹෙන මාසයේ 15 හා 20 මෙන්ම මාසයේ අවසන් දින එකතු කළ අගය මත බදු ගෙවීම් යෙදී තිබීමෙන් බදු ගෙවන්නන් මෙන්ම නිලධාරීන්ද අපහසුතාවට ලක් වනවා. එය වැළැක්වීම අරමුණු කරගනිමින් එකතු කළ අගය මත බදු ගෙවීමේ දිනය එළඹෙන මාසයේ විසිවන දින ලෙස සංශෝධනය කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. සහාධිපත්‍ය නිවාස සැපයීමේදී පනතා තිබූ එකතු කළ අගය මත බදු මුදලද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 25 ට අඩු නිවාස වලින් යුත් නිවාස ව්‍යාපෘති සදහා වැට් බදු අය නොකෙරෙනු ඇති. එකතු කළ අගය මත බදු සංශෝධන පනත බලාත්මක කිරීමට පෙර නොතාරිස් ආඥා පනතට අනුව විකිණීමේ ගිවිසුමක් මගින් ලියාඅත්සන් කර අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබාගෙන ඇති සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීමේදී එකතු කළ අගය මත බද්ද අය කෙරෙන්නේ නැහැ.

දේශීයව නිපදවූ සහලින් සැකසූ නිවුඩු තෙල් සැපයීමද එම බද්දෙදන් නිදහස් වනවා. නව සංශෝධන සියල්ල නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්