කරාතේ ක්‍රීඩාව සඳහා යොදා ගන්නා උපකරණ ලබාගැනීමට ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය වෙත රුපියල් ලක්ෂ 30ක මුදල් ත්‍යාගයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් කීර්ති බස්නායක මහතා වෙත ලබා දීම අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
පා.ම දුෂ්මන්ත මිත්‍රපාල මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
ජනාධිපතිතුමාගෙන් කර ඇති ඉල්ලීමක් පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරිණි.