fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෝහිත් ශර්මා 20 යි 20 ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර එල්ල කළ ක‍්‍රීඩකයින් අතරින් පෙරමුණ ගනී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 14:45

රෝහිත් ශර්මා 20 යි 20 ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර එල්ල කළ ක‍්‍රීඩකයින් අතරින් පෙරමුණ ගනී

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රිඩකයින් අතරින් පෙරමුණ ගැනිමට ඉන්දිය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා සමත්ව තිබෙනවා.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී හයේ පහර තුනක් එල්ල කරමින් රෝහිත් ශර්මාට මෙම වාර්තාව පිහිටුවීමට හැකි වුණා.   ඒ අනුව ඔහු මේ වන වට එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 107ක්. දෙවන ස්ථානයට පසුවන්නේ හයේ පහර 105ක සංඛ්‍යාවක් එල්ල කර ඇති බටහිර ඉන්දිය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල්. කෙසේ වෙතත් ශතක හතරක්ද සමගින් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභියා බවට  පත්ව සිටින්නේද රෝහිත් ශර්මායි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 14:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්