දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි
Related Articles
දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
ක්‍රිකට් පිටියේ තවත් කාලයක් රැදී සිටිමේ අවශ්‍යතාවය මත මෙම තීරණය ගත් බවයි ඩේල් ස්ටේන් පවසන්නේ. ඒ අනුව ඔහු තවදුරටත් එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග සදහා දකුණු අප්‍රිකාව නියෝජනය කරනු ඇති. 36 හැවිරිදි ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබා ගත් පන්දු යවන්නාද වනවා. ටෙස්ට් තරග 93කදී කඩුලු 439ක් දවා ගැනිමට ඩේල් ස්ටේන් සමත්ව තිබෙනවා.