fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂාෆි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 13:29

ෂාෆි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

අයථා ආකාරයට දේපළ උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 27 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

පෙත්සමට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පෙත්සම්කරුගේ නීතිඥවරයා දැනුම් දුන්නා. රැදවුම් භාරයෙන් තමන් නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් ඔහු මේ වන විට ඇප මත මුදා හැර සිටිනවා. කුරුණෑගල පොලීසිය තමන් අත්අඩංගුවට ගැනීමට පදනම් කරගෙන ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවටයි වෛද්‍ය ෂාෆි පවසා ඇත්තේ. තමන් රදවා තබා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසද ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්