fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියණිය ලෙසින් වෙස් වලාගෙන සිරමැදරියෙන් පළා යාමට සැරසුනු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:55

දියණිය ලෙසින් වෙස් වලාගෙන සිරමැදරියෙන් පළා යාමට සැරසුනු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු තම දියණිය ලෙසින් වෙස් වලාගනිමින් සිරමැදරියෙන් පළා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ට හසුවීමේ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වුණා.

සිරගතව සිටින තම පියා බැලීමට එම දියණිය පැමිණි අවස්ථාවේ දියණිය ලෙස වෙස්වලා ගනිමිනුයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැන යාමට උත්සහ දරා තිබෙන්නේ. එහිදී කාන්තාව ලෙස කථා කිරීම ඔහු කටයුතු කර තිබෙනවා. එමෙන්ම සිරකරුවන් බැලීමට එන පිරිමි පුද්ගලයින්ගේ පෝලීමේ රැඳි සිට ඇත්තේ කාන්තාවක ලෙස සැරසි සිටිය දීයි. මෙම හැසිරීම පිළිබඳ සැක සිතුණු බන්ධාගාර නිලධාරීන් කළ පරීක්ෂාවේ දී සිරිමැදිරියෙන් පැන යාමට උත්සහ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. දියණිය සහ සිද්ධියට උදවු කළ තවත් 8 දෙනෙකුද අ‍ත්අඩංගුවට ගැනුනා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්