fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

45 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ ත්‍යාග මුදල් දෙගුණ කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 11:47

45 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ ත්‍යාග මුදල් දෙගුණ කෙරේ

45 වන ජාතික මහා ක්‍රිඩා උළලේ ත්‍යාග මුදල් දෙගුණ කිරිමට පියවර ගෙන ඇති බව ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පවසනවා. ක්‍රිඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

45 වන ජාතික මහා ක්‍රිඩා උළෙල ඔක්තෝම්බර් මස 24 දින සිට 27 දින දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනයේදී පැවැත්විමට නියමිතයි. ජාතික මහ ක්‍රිඩා උළළේ කේවල ජයග්‍රහණයක් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 7500ක මුදල රුපියල් 15000 දක්වා ඉහළ නංවා තිබෙනවා.  කේවල දෙවනි ස්ථානයක් සදහා රුපියල් දසදහසක් සහ තුන්වන ස්ථාන සදහා රුපියල් හයදහසක මුදලක් ලබා දීමට නියමිතයි. ඉසව් 34ක් යටතේ  මෙවර ක්‍රිඩා උළලේ තරග  පැවැත්වෙනවා. මේ වන විට පදක්කම් සටහනේ පෙරමුණේ සිටින්නේ බස්නාහිර පළාත් කණ්ඩායමයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 11:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්