fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් වතු නිවාසවල ගින්නට හේතුව හෙළි වේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:44

හැටන් වතු නිවාසවල ගින්නට හේතුව හෙළි වේ

හැටන් ඩයගම සන්ද්‍රිංහැම් වතුයායේ නිවාස පේලියක ඇති වූ  ගින්නකින් නිවාස 12 ක් මුළුමනින්ම විනාශයට පත්වුණා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවයි මූලික පරික්ෂණවලින් හෙලි වී තිබෙන්නේ.  එම නිවාසවල සිවිලිම මත දර රැස් කර තැබීම ගින්න සීග්‍රයෙන් පැතිර යාමට හේතු වී ඇති බවද පොලීසිය පවසනවා.

සන්ද්‍රිංහැම් වතුයායේ ඇති වූ ගින්නෙන් වතු නිවාස පේලියක පිහිටි නිවාස 12 ක්  විනාශයට පත්වුණා. පවුල් 12 කට අයත් සාමාජිකයින් 47 දෙනෙකු අවතැන්ව සිටිනවා. ඔවුන් වතුයායේ පිහිටා ඇති සන්ද්‍රිංහැම් දෙමල මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර තිබෙනවා. අවතැන් වූවන් අතර ළමියන් 10 දෙනෙකුද සිටින බවයි පොලීසිය පවසන්නේ. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති අතර නිවෙස්වල තිබූ සියලු බඩුබාහිරාදිය විනාශයට පත්ව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්