fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළියේ වෙනසක් නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 11:17

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොළියේ වෙනසක් නැහැ

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබා දෙන  15% ක පොළී අනුපාතයේ කිසිඳු වෙනසක් නැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මහ බැංකුව , වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොළී අනුපාතය අඩු කළ ද රජය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% ක විශේෂ පොළී අනුපාතය ලබා දීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් නැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. 2015 අයවැය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ඉතිරි කිරීම් ගිණුම් සඳහා මෙම 15 %විශේෂ පොළී අනුපාතය ලබා දුන්නා. එය 2015 වසරේ මාර්තු 13 වනදා සිට කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්