ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ ග්‍රෑම් 7500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පොල දවුලගල ගඩලාදෙණිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකායයි වැටලීම සිදු කළේ. සිලෝන් ටී නාමය යටතේ තේ මණ්ඩල ප්‍රමිති සහතිකය සහිත බෑග්වල අසුරා මෙම කසල තේ ප්‍රවාහනය කරමින් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසනවා. අදාළ කන්ටේනර් රථය සහ සැකකරු අත්අඩංගුවට ගැනුණේ අද අලුයමයි. කසළ තේ වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ උඩුනුවර ප්රදේශයෙනුයි. මෙම කසළ තේ හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑම් එල්ල වනවා. දවුලගල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.