fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් නිලධාරීන් 73 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:35

පොලිස් නිලධාරීන් 73 දෙනෙකුට ස්ථාන මාරුවීම්

පොලිස් නිලධාරීන් 73 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශයට අනුවයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. මාරුවීම් ලැබූ නිලධාරීන් අතර පොලිස් අධිකාරීවරුන් 23 දෙනෙකු සිටිනවා. සහකාර පොලිස් අධිකාරීවරුන් 24 දෙනෙකු ද ඊට අයත්. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 13 දෙනෙකු සහ පොලිස් පරික්ෂකවරුන් 09 දෙනෙකුද ස්ථාන මාරු ලැබූ නිලධාරීන් අතර වනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්