fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:08

පාසල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට ඇරඹෙයි

පාසල් නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද සිට ආරම්භ වනවා. ලබන මස පළමු දා තෙක් එය ක‍්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව,2019/08/6,8,10,12,14,16,18,20,22 ,24,26,28,30 හා සැප්තැම්බර් 01 වෙනි දින දක්වා කොළඔ කොටුවේ සිට පෙ.ව 07.10ට බදුල්ල බලා දුම්රිය ධාවනය වෙයි.

එමෙන් ම 2019/08/07,09,11,13,15,17,19,21,23,25,27,29,31 හා සැප්තැම්බර් 02 වන දින බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඔ කොටුව බලා පෙ.ව 07.30 ට දුම්රිය පිටත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන් ම සති අන්තයේ මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානයේ දක්වා පෙ.ව 07.40ට ධාවනය වන අංක 1027 දරන දුම්රියත්,ඇල්ල දුම්රිය ස්ථානයේ සිට මහකනුවර දුම්රිය ස්ථානය දක්වා ප.ව 02.15 ට ධාවනය වන අංක 1028 දරන වායු සමනය කළ සිඝ්‍රගාමි දුම්රිය 2019/08/10 වන දින සිට 14 වන දින දක්වා ධාවනය කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. මිට අමතරව කන්ද උඩරට ඇසළ මංගල්‍යය වෙනුවෙන් ද මෙම දුම්රිය සේවා මඟී ජනතාවට භාවිතා කිරීමට අවස්ථාව සැලසෙයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2019 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්