හැටන් ඩයගම සන්දිර ග්‍රාම වතුයායේ ඇති වූ ගින්නකින් නිවාස 12 ක් මුළුමනින්ම විනාශයට පත්වුණා. පවුල් 12 කට අයත් පුද්ගලයින් අවතැන්ව සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සන්දිර ග්‍රාම වතුයායේ ඇති වූ ගින්නෙන් වතු නිවාස පේලියක පිහිටි නිවාස 12 කුයි විනාශයට පත්ව තිබෙන්නේ. අවතැන්ව සිටින පිරිස් වතුයායේ පිහිටා ඇති පාසලේ තාවකාලිකව නතර කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පියවර ගෙන ඇති බව පොලීසියි ප්‍රකාශ කළා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක කෙරෙන්නේ.