අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 251ක ජයක්
Related Articles
අයිසීසී ටෙස්ට් ශුරතාවලියට අදාළව පැවැත්වෙන වන අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 251ක ජයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
එංගලන්තයේ බර්මින්හැම්හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුනු 284ක් රැස් කළා. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා ලකුණු 374කට සීමා කිරිමට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා. පසුව සිය දෙවන ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියාව කඩුලු 07ක් දැවී ලකුණු 487ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමටයි තීරණය කළා. ඒ අනුව එංගලන්තයට ජයග්‍රහණය සදහා ලකුණු 398ක ඉලක්කයක් හිමි වුනා. එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවි දෙවන ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වුයේ ලකුණු 146ක් පමණයි. ක්‍රිස් වෝක්ස් ලකුණු 37යි. ඔස්ට්‍රේලියා පළමු ඉනිමේ දී ලකුනු 144ක් සහ දෙවන ඉනිමේ ලකුණු 142ක් රැස් කළ ස්ටීවන් ස්මිත් තරගයේ වීරයා සම්මාන දිනා ගත්තා.