fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජම්බුගස්මුල්ල ඝාතන සිද්ධියට සම්බන්ධ වාහන කිහිපයක් අත්අඩංගුවට ගැනේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:55

ජම්බුගස්මුල්ල ඝාතන සිද්ධියට සම්බන්ධ වාහන කිහිපයක් අත්අඩංගුවට ගැනේ

නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෑන් රථයක්, මෝටර් රථයක්, යතුරු පැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක් කොහුවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවට පොලිස් ස්ථාන හයක පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහාය ඇතිවයි කොහුවල පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ. පිස්තෝලයක්, ජීව උණ්ඩ සහ දුරකතන 4ක් ද සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු සහ සැකකාරියක පොලිස් අත්අඩංගුවට පත්වුණා. සාදයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී පුද්ලගයින් දෙදෙනෙකුට වෙඩි තැබීමක් පසුගියදා සිදුවුණා. එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්