fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විෂ මත්පැන්වලින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට. පොලිස් OIC ටත් මාරුවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:20

විෂ මත්පැන්වලින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට. පොලිස් OIC ටත් මාරුවක්

නීතිවිරෝධී මත්පැන් විෂවීම හේතුවෙන් ගම්පහ බාදුරාගොඩ ප්‍රදේශයේ මියගිය  පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේවන විට  13 දක්වා ඉහලගොස් තිබෙනවා.  තවත් 12 දෙනෙකු රෝහල් ගත කර සිටිනවා.

පල්ලෙවෙල, මීරිගම සහ කොටදෙණියාව යන පොලිස්වසම් වලිනුයි මෙම මරණ වාර්තාවන්නේ. මොවුන්ගේ මරණවලට හේතුව ලෙස මරණ පරික්ෂණවල සදහන් වන්නේ හදිසි හෘදයාබාධ වැනි දේ වුවද  මොවුන් සියලුදෙනා එකම ස්ථානයකින් නීතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ. මේ වන විට රෝගී වූ 12 දෙනෙකු මීරිගම, වතුපිටිවල, ගම්පහ සහ රාගම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර පල්ලේවෙල පොලිස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව මාරුකර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්