fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්මන් රජය ආර්ථිකයේ විශාල වෙනසක් සිදු කළා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:15

වත්මන් රජය ආර්ථිකයේ විශාල වෙනසක් සිදු කළා

වත්මන් රජය ආර්ථිකයේ විශාල වෙනසක් සිදුකර ඇති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. කොළඹ පැවති විශේෂ හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඉන්දීය වෙළෙඳපොළ ජය ගන්නේ කෙසේ ද යන මැයෙන් වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙන හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෙළෙඳපොළ පිළිබඳ විශේෂ වාර්තාවක් ද මෙහිදී එළිදැක්වුණා. මෙහිදී විවෘත සංවාදයක් ද සිදුකෙරුණා. අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය කාලයට වඩා ආර්ථිකය යහපත් තත්ත්වයකට පත්ව ඇති බවයි.

(රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින්නේ ශක්තිමත් සබඳතාවක්. අපේ රටේ ආර්ථික වර්ධනය සඳහා ඉන්දීය රජය සහාය ලබා දෙනවා. මෙම අවස්ථාවත් එම සබඳතාව ශක්තිමත් කිරීමට හේතු වෙනවා. මීට පෙර සියලු රජයන්වලට වඩා වත්මන් රජයට ආර්ථිකයේ ඉදිරි පියවරක් තැබීමට හැකිවී තිබෙනවා.)

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්