fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මරණ දඬුවම ගැන ජනපතිගේ හෙළිදරව්ව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:10

මරණ දඬුවම ගැන ජනපතිගේ හෙළිදරව්ව

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකූල නොවන බවට නීතිපතිවරයා දන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.

පසුගිය 29 වනදා ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ රට වෙනුවෙන් එකට සිටිමු හයවන වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. ඉන් ප්‍රතිලාභ ලැබූ පිරිස තුන්ලක්ෂ විසිපන්දහසකට ආසන්න වනවා. එහිදී ව්‍යාපෘති හාරදහසකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 123 ක්. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය,සාමාජිය, පරිපාලන හා පාරිසරික ගැටලු විසදීමට දායකත්වය ලබාදීම සදහා ක්‍රියාත්මක වනවා. දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයේ අද පැවති සමාප්ති උත්සවයේදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ වැඩිම පරිසර විනාශයක් සිදුවන දිස්ත්‍රික්ක අතුරින් ගම්පහ ප්‍රමුඛ බවයි.

මෙහිදී ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් බෙදාදීම සිදු කෙරුණා. ගම රැකුම සංවිධාන ලියාපදිංචි සහතික පත් ප්‍රදානය, සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ චෙක්පත් ප්‍රදානය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිරිය ණය ප්‍රදානය යන වැඩසටහන්ද මෙහිදී ක්‍රියාවට නැංවුණා. මීට අමතරව කෘෂිකර්ම හා ගොවිජන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් පොත් ප්‍රදානය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සදහා ණය ප්‍රදානය, දරුවන් සුරකිමු වැඩසටහන යටතේ පාසල් උපකරණ කට්ටල ප්‍රදානයන්ද සිදු කෙරුණා. කලායතන වෙනුවෙන් ආධාර පිරිනැමීම, ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය,රණවිරු සේවා අධිකාරිය මගින් පූර්ණ නිවාස ප්‍රතිලාභ ඇතුළු වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පුනරුදය පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ රට වෙනුවෙන් එකට සිටිමු ගම්පහ දිස්ත්‍රික් වැඩසටහනට සමගාමීව ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණ ව්‍යාපෘති හයක් ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති කාර්යාලය මගින් ලබාදෙන ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පිරිනැමුවේ මීට අමතරවයි. ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ වගකීම් පැවරීමේ ලිපි ප්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුනා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ නිපැයුම් ඇතුළත් ප්‍රදර්ශනයක් ද මීට සමගාමීව සංවිධාන කෙරුණා. 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්