ජල ගැලීමෙන් වියට්නාමයට දැඩි බලපෑම් එල්ල වුණා. පුද්ගලයන් පස් දෙනෙකුම මියගොස් තිබෙනවා.
තවත් 13 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි වියට්නාම බලධාරින් සඳහන් කළේ. චණ්ඩ මාරුතයක් සමඟ හටගත් වර්ෂාවෙන් ප්රදේශ කිහිපයකම ගොඩනැගිලි වලට ද හානි සිදුවුණා. යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක ද බලපෑම් එල්ලවී තිබෙනවා. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආරක්ෂක අංශ ස්ථානගත කළ බව බලධාරීන් ප්රකාශ කළා.