කොළඹ ජල මාර්ගවල මඟී ප්‍රවාහන බෝට්ටු සේවාව ඉදිරි සති දෙක ඇතුළත ආරම්භ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. බේරේ වැව සහ වැල්ලවත්ත ඇල කේන්ද්‍ර කරගනිමින් එහි පළමු අදියර කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 40 ක කාලයකදී ගමන් කිරීමට හැකිවීම විශේෂත්වයක්. වායු සමීකරණය කළ බෝට්ටු එම සේවාව සඳහා යොදාගන්නා බවයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කළේ.
කැළණි ගඟේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා ද මඟී ප්‍රවාහන බෝට්ටු සේවාවක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ එය සිදුවන බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.