වත්මන් ආණ්ඩුව තරම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළ ආණ්ඩුවක් ඉතිහාසයේ නොමැති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. මහනුවර දී පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් 1467 දෙනෙකුට කාර්යාල ගමන්මළු ලබා දීම අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උඩරට කලා සංගම් ශාලාවේදී සිදුකෙරුණා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මේ සඳහා වැය කළ මුදල රුපියල් හැට හය ලක්ෂ එක්දහස් පන්සීයක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/SSesf2lolT8″]