fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විග්නේෂ්වරන්ගේ තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 12:10

විග්නේෂ්වරන්ගේ තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී  විග්නේෂ්වරන් මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවට අභියාචනාධිකරණය තීන්දු කළා.

මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලයි තීන්දුව ප්‍රකාශයට පත්කළේ. ඩෙනීෂ්වරන් මහතා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය ද නීතිවිරෝධී බවටයි අභියාචනාධිකරණය තීන්දු කළේ. එවැනි පත්කිරීමක් සිදු කිරීමට මහ ඇමතිවරයා බලයක් නොමැති බවටද තීරණය කෙරුණා. තමන් අමාත්‍යධුරයෙන් නෙරපීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඩෙනීෂ්වරන් මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනුකර තිබුණා. ඒ දුෂණ චෝදනා එල්ලකරමින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක අමාත්‍යවරයෙකු නෙරපීමේ බලය ආණ්ඩුකාරවරයාට පමණක් හිමිවන බව පෙත්සම්කරුගේ තර්කය වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්