fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ ගෙවුණු මාස හය තුළ සුරාබදු වැටලීම් 25,000ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 10:56

වසරේ ගෙවුණු මාස හය තුළ සුරාබදු වැටලීම් 25,000ක්

පසුගිය වසර 6 තුළ සුරාබදු වැටලීම් 25,000ක් රට පුරා සිදුකර ඇති බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච් ජී සුමනසිංහ මහතා පවසනවා. නීතිවිරෝධී මත්පැන් තුරන් කිරීම තුළින් ජීවිත අවදානම අවම කිරීම එහි අරමුණයි.

මේ වසරේ මුල් මාස හය තුළ පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24150ක් සිදුකර තිබෙනවා. නීති විරෝධී ලෙස මත්පැන් නිපදවීම, එම මත්පැන් ළග තබා ගැනීම, ස්ප්‍රීතු සහ මත්පැන් නිපදවීමට යොදා ගන්නා උපකරණ ළග තබා ගැනීම එවැනි මත්පැන් අලෙවි කිරීම සහ නීතිවිරෝධී ලෙස විදේශීය මත්පැන් විකිණීම යන කරුණු යටතේයි මෙම වැටලීම් සිදුකර ඇත්තේ. ඒ අනුව පසුගිය වසරේදී වැටලීම් 49312 ක් සිදුකර තිබෙනවා. ඉන් දඩ මුදල් වශයෙන් ලැබුණු මුදල රුපියල් මිලියන 253ක්. මෙම දඩ ආදායම අදාළ පළාත් සභාව වෙත බැර කෙරෙනවා. 2015 වසරේ සිට සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීම් වැඩිකරමින් සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මේ වසරේ සුරාබදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 130ක්. පසුගිය මාසය වන විට රුපියල් බිලියන 68 ක ආදායමක් ලබාගෙන ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්