fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් සම්මාන දිනාගනී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 10:48

වසරේ දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් සම්මාන දිනාගනී

වසරේ දකුනු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ෆෆ් ඩු ප්ලෙසිස් සම්මාන දිනා ගත්තා. ඒ ප්‍රිටෝරියා නුවර පැවති දකුණු අප්‍රිකා වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේදීයි.

ෆෆ් ඩු ප්ලෙසිස් දකුනු අප්‍රිකා  වසරේ ක්‍රීඩකයා සම්මානයට පාත්‍ර වූ එකොලොස් වන ක්‍රිඩකයායි. මේ අතර වසරේ එක්දින ක්‍රිඩකයා සම්මානය ද  ඔහු හිමි කරගත්තා. ක්වින්ටන් ඩී කොක් මෙම සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබුවේ වසරේ ටෙස්ට් ක්‍රිඩකයා ලෙසයි. ඩේවිඩ් මිලර් වසරේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තා. දකුණු අප්‍රිකා ප්‍රේක්ෂකයින්ගේ ක්‍රිඩකයා ලෙස කගිසෝ රබාඩාද , වසරේ නවක ක්‍රිඩකයාට හිමි සම්මානය රසී වැන් ඩර් ඩුසේන් ද දිනා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 10:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්