fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අළු බදුන අවසන් දිනය අදයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 10:39

අළු බදුන අවසන් දිනය අදයි

අළු බදුන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ජය ගැනීම සඳහා එංගලන්තයට ලකුණු 398ක ඉලක්කයක් හිමි වුණා. පළමු ඉණිම සඳහා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 284ක්. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 374ක් ලබාගත්තා. ඒ අනූව පළමු ඉනිමේදීම ලකුණු 90කින් ඉදිරියෙන් සිටිමට එංගලන්ත පිළට හැකි වුණා.

සිය දෙවන ඉණිම ක‍්‍රීඩා කළ ඔස්ටේ‍්‍රලියාව කඩුළු 07ක් දැවී ලකුණු 487ක් ලබාසිටියදී ඉණිම අත්හිටුවීමට තිරණය කළා. පළමු ඉණිමේදී ලකුණු 144ක් ලබාගත් ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් සිමිත් දෙවන ඉණිමේ දී ලකුණු 142ක් රැස්කිරිම විශේෂත්වයක්. අළු බදුන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ලකුණු 398ක ඉලක්කය හඹා යන එංගලන්ත කණ්ඩායම හතර වන දිනය නිමා වනවිට කිසිවෙකුත් නොදැවී ලකුණු 13ක් රැස්කරගෙන සිටියා. අද තරගයේ අවසන් දිනයයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 10:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්