fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව්වන් සමඟ පැවති 20-20 තරගාවලිය ඉන්දියාව ජයගනී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 09:57

කොදෙව්වන් සමඟ පැවති 20-20 තරගාවලිය ඉන්දියාව ජයගනී

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 03කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 22ක ජයක් වාර්තා කිරිමත් සමඟයි.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු  05ක් දැවී ලකුණු 167ක් රැස් කළා. රෝහිත් ශර්මා ලකුණු  67යි. පන්දු යැවිමේදී ඔෂේන් තෝමස් සහ ෂෙල්ඩොන් කොට්‍රෙල් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 03ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 98ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අනතුරුව තරගය තාවකාලිකව නතර කිරීමට සිදු වූණා. තරගය යළි ආරම්භ කිරිමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 09:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්