fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගය අද සිට ඇරඹේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 08:42

උසස් පෙළ විභාගය අද සිට ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය (2019) අද (05) සිට ඇරඹේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2678ක දී අද ආරම්භ වන විභාගය අගෝස්තු මස 31 දක්වා පැවැත්වෙනු ඇත. මෙවර විභාගයට පෞද්ගලික අයදුම්කරුවන් 74789ක් ඉදිරිපත් වී ඇත. සමස්ත අයඳුම්කරුවන් 337,704 විභාගය සඳහා පෙනී සිටියි.

අපොස උසස් පෙළ විභාගය සඳහා අවශ්‍ය සියලු පහසුකම් සළසා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. පැය තුනේ ප්‍රශ්න පත්‍රයක් සඳහා අමතර විනාඩි 10 ක් ලබාදීම මෙවර විශේෂත්වයයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 5, 2019 08:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්