fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවර්ධන විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 18:34

සංවර්ධන විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා

සංවර්ධනයේ ප්‍රතිලාභ අනූනවයයි දශම නවයක් පොදු ජනතාවට හිමිවන සංවර්ධන විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මොණරාගල පගුරේ ගමරාලගම, බකිනිගහවෙල රටේරාලගම සහ පුබ්බාරේ රංබණ්ඩාගම යන උදාගම්මාන 03 ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ මෙම ගම්මාන ඉදිකර තිබෙනවා. වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 454 ක්. අඩු ආදායම් ලාභී පවුල් 180ක් සදහා රුපියල් ලක්ෂ 1140 ක නිවාස ආධාර ලබාදීමද මෙහිදී සිදු කෙරුණා. දෘෂාබාධිත පුද්ගලයින්ට නොමිලේ ඇස් කණ්නාඩි, පාසල් ළමුන් සදහා පොත් කට්ටල මෙන්ම ආබාධිත පුද්ගලයින් සදහා රෝද පුටු ප්‍රදානයක්ද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 18:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්