fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පල වූ වාර්තා බොරු – ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 18:28

ත්‍රස්ත ප්‍රහාරයක් ගැන පල වූ වාර්තා බොරු – ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය අවධාරණය කරයි

ඇමෙරිකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇතැම් මාධ්‍ය හා පුද්ගලයන් වැරදි ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා. තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකා පුරවැසියන් වෙනුවෙන් ඇමෙරිකා තානාපති කාර්යාලය පසුගිය දෙවනදා සංචාරක උපදේශනයක් නිකුත් කර තිබුණා. ඇතැම් මාධ්‍ය හා පුද්ගලයන් එය වැරදි ලෙස අර්ථකථනය කරමින් තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට  ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා. ඇමෙරිකා තානාපති ඇලයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය ද සිය ට්විටර් ගිණුමේ කරුණු පැහැදිලි කරමින් කියාසිටින්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක උපදේශනය නිරන්තරයෙන් නිකුත් කරන සාමාන්‍ය නිවේදනයක් බවයි. ඇමෙරිකා තානාපතිවරිය එම පණිවුඩයේ මෙසේ ද සඳහන් කර තිබෙනවා. මට තේරෙනවා මාධ්‍ය හා අනෙක් අය ශ්‍රී ලංකාව සඳහා වන අපගේ ආරක්‍ෂක දැන්විම කෙරෙහි අවධානය යොමු කරන බව. සැලකිය යුතු නිවාඩු හා විශේෂ පොදු ක්‍රියාකාරකම්වලට අපගේ පුරවැසියන් සහභාගි වීමේදී අපි සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් සැළකිල්ලක් දක්වන ලෙස ඔවුන්ට මතක් කරනවා. පසුගිය දෙවනදා නිකුත් කළ සංචාරක උපදේශනය මගින් එදිනට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ආරක්‍ෂක මට්ටමේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව එම නිවේදනයේ සඳහන්. ඒ අනුව දැනට දෙවන මට්ටමේ ආරක්‍ෂක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ පවතින බවයි එම උපදේශනය මගින් පෙන්වා දී තිබෙන්නේ. ශ්‍රී ලංකාවට අමතරව මෙම මට්ටමේ ආරක්‍ෂක තත්ත්වයක් ඉන්දියාව, බංග්ලාදේශය , මාලදිවයින, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, චීනය, බුරුමය හා ඉන්දුනීසියාව වැනි රටවල් සම්බන්ධයෙන් ද නිකුත් කර තිබෙනවා. පාකිස්තානය 3 වන මට්ටමේ හා ඇෆ්ගනිස්ථානය, ඉරානය හා වෙනිසියුලාව 4 වන මට්ටමේ පවතින බවට ඇමෙරිකාව නිවේදනය කර ඇති බවයි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්