fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය හෙට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 18:12

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය හෙට

ඇසළ මහා පෙරහැරේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ වන විට කටයුතු යොදා ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ. මේ අතර ඇතුල් පෙරහර අද නිමාවට පත්වනවා.

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට වීදි සංචාරය කෙරෙනවා. දළදා මාලිගය අභියසින් හෙට රාත්‍රියේ දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන්ගැනීමට නියමිතයි. හෙටින් ආරම්භ වන කුඹල් පෙරහැර දින පහක් පුරා වීදි සංචාරය කරනවා. අනතුරුව ලබන 10 වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කරන්නේ නිකිණි පුන් පොහෝ දිනයි.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්