fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුව ලක්ෂ උයනේ ඉදිකළ රණවිරු ස්මාරකය ජනපති අතින් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 17:34

පොළොන්නරුව ලක්ෂ උයනේ ඉදිකළ රණවිරු ස්මාරකය ජනපති අතින් විවෘත කෙරේ

පොළොන්නරුව ලක්ෂ උයනේ ඉදිකළ සේවාමුක්ත භට රණවිරු ස්මාරකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා. මෙම ස්මාරකය පිහිටුවා ඇත්තේ දෙවන ලෝක යුද සමයේ අභීතව සටන්වැදි වීරෝධාර රණවිරුවන් සිහිකිරීම සඳහායි.

පොළොන්නරුව ලක්ෂ උයන ගල්කොරිය ප්‍රදේශයේ ඉදිකළ සේවාමුක්ත භට රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව  ඊට පුෂ්පෝපහාර දැක්වනු ලැබුවා. අනතුරුව දෙවන ලෝක යුද්ධයට සහභාගීවී ජීවතුන් අතර සිටින රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ ඥාතීන් ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළා. මියගිය රණවිරුවන්ට පින් පැමිණවීමේ ආගමික වතාවත් සදහා ද ජනාධිපතිතුමා එක්වුණා. පරාක්‍රම සමුද්‍රය ඩී 1 උතුරු ඇල හරහා ලක්ෂ උයන, ඇතුමල්පිටිය යා කරමින් ඉදිකළ නව පාලම ද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. ගිනිපෙට්ටි පාලමට සමාන්තවර නිර්මාණය කළ මෙම නව පාලමේ ඉදිකිරීම් වෙනුවෙන් දායක වූවන්ට ජනාධිපතිතුමා උපහාර තිළිණ 21 ක් පිරිනැමුවේ ඉන් අනතුරුවයි. දෙස් විදෙස් ඉංජිනේරුවන් කරවන ලද පැරණි ජල පැන්නුමක්වන ගිනිපෙට්ටි පාලම අබලන්වීම හේතුවෙන් ඊට සමාන්තරව මේ නව පාලම ඉදිකර තිබෙනවා. මේ අතර පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමියන් සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අනුස්මරණය කිරීම සඳහා ඉදිකළ සමරුපාය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්