ජනතාව අතර සහජීවනය ඇති කළ හැකි නායකයෙකුට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
සැකසූ ආහාර, ඇසුරු ද්‍රව්‍ය හා කෘෂිකාර්මික ප්‍රදර්ශනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ පැවති ප්‍රදර්ශනය කුටි 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විතයි. 18 වන වරටත් සංවිධාන කර තිබූ ප්‍රෝ ෆුඩ්, ප්‍රෝ පැක් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/mmIjHKb6pIk”]