fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වීෂ මත්පැන් පානයෙන් සිදු වු විපත

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 17:09

වීෂ මත්පැන් පානයෙන් සිදු වු විපත

නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් බාදුරාගොඩ,  පල්ලෙවෙල, මීරිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන්  09 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 14 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන්.

පල්ලෙවෙල පොලිස් වසමේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණ පරීක්ෂණ වතුපිටිවල රෝහලේදී පැවැත්වුණා. මිය ගිය පුද්ගලයින් හා දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස එකම දිනකදී එකම ස්ථානයකින් මෙම නීතිවිරෝධී මත්පැන් පානය කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ. වමනය, හුස්ම ගැනීමේ අපහසුව ආදී රෝග ලක්ෂණ නිසා ඔවුන් රෝහල් ගත කර තිබෙනවා. දිවුලපිටිය සහ වතුපිටිවල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි කිහිප දෙනෙකු ගම්පහ සහ රාගම‍ රෝහල්වලට  මාරු කර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ. අදාළ දිනයේ මත්පැන් පානය කරන විට යම් රසායනිකයක රසයක් තමන්ට දැනුනු බව රෝහල් ගත වී සිටින රෝගීන් අයිටීඑන් වෙත සදහන් කළා. මේ අතර මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පල්ලෙවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානය කළ බව කියන නීති විරෝධී මත්පැන්වල සාම්පලයක් රජයේ රස පරීක්ෂක වෙත ඉදිරි පත්කර වාර්තාවක් ලබා ගැනීමටද පල්ලෙවෙල පොලිසිය  පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්