කුමන අභියෝග පැමිණිය ද රටේ සංවර්ධනය නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභිනවයෙන් ඉදි කළ ශ්‍රවණාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 220ක්. අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන , රංජිත් මද්දුමබණ්ඩාර හා නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=xWCsaiw7IW4&feature=youtu.be&fbclid=IwAR3kovDQAxjttv_-2VBeGFNalIhfb9Oz6ty-RgdjwN3Cne2ZQlp5FQecgHg”]
මේ අතර මොණරාගල , සියඹලාණ්ඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරය සහිත නව ගොඩනැගිල්ල විවෘත කිරිම ද සිදු කෙරුණේ අගමැතිතුමා අතින්. නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 67ක්. මොණරාගල දිස්ත්‍රික්කයේ වගා හානි වූ ගොවි ජනතාවට වන්දි පිරි නැමිමේ වැඩසටහනක්ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වගාහානි සිදු වූ ගොවින් විශාල පිරිසකට මෙහිදි වන්දි පිරි නැමුණා.