fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොවි ජනතාවට අතිවිශාලම වන්දි මුදල් පිරිනැමුවේ වත්මන් රජය බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 12:16

ගොවි ජනතාවට අතිවිශාලම වන්දි මුදල් පිරිනැමුවේ වත්මන් රජය බව ජනපති කියයි

ගොවි ජනතාවට මුහුණදිමට සිදු වූ ස්වභාවික විපත්වලදී වර්තමානයේ තරම් අතිවිශාල  වන්දි මුදලක් කිසිදු ආණ්ඩුවක් යටතේ පිරි නමා නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති 2018 යල කන්නයේ වගා හානි වූ ගොවින්ට වන්දි මුදල් ප්‍රදානය කිරිමේ වැඩසටහනට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. ගොවින් එක්දහස් දෙසිය දෙනෙකුට වන්දි මුදල් ලබා දිමට මෙහිදි කටයුතු කෙරුණා. අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිළධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර කදුරුවෙල ජයන්ති විහාරස්ථානයේ පැවති 124 වන සමස්ත ලංකා දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විහාරස්ථානයේ ඉදි කෙරුණු දෙමහල් ධර්මශාලාව සහිත සංඝවාස ගොඩනැගිල්ල විවෘත කෙරුණේද ජනාධිපතුමා අතින්. මහාසංඝරත්නය සහ ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්