ඉදිරි දින කිහිපයේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර 80 පමණ දක්වා ඉහළ යාහැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුර අඟවනවා.
ඒ හේතුවෙන් හෙට සිට ලබන 9 වෙනිදා දක්වා කාලය තුළ ධීවර හා නාවික කටයුතු යෙදීම අනතුරුදායක බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හෙට සිට ලබන 11 වෙනිදා දක්වා අරාබි මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙස ද දැනුම්දී තිබෙනවා.