fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර අවසානයට පෙර පිරිවෙන් 120ක ඉදිකිරීම් ව්‍යාපෘති අවසන් කිරීමට උපදෙස්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 11:22

වසර අවසානයට පෙර පිරිවෙන් 120ක ඉදිකිරීම් ව්‍යාපෘති අවසන් කිරීමට උපදෙස්

වසර අවසානයට පෙර පිරිවෙන් 120 ක ඉදිකිරීම් ව්‍යාපෘති අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රජයේ පාසල් අධ්‍යාපනයට සමානව පිරිවෙන් වලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමයි මෙහි අරමුණවී තිබෙනවා. පිරිවෙන් 50 ක කාර්යාල ගොඩනැගිලි, නේවාසිකාගාර සහ අත්‍යාවශ්‍ය නඩත්තු සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙනවා. තෝරාගත් තවත් පිරිවෙන් 70 ක අංග සම්පූර්ණ සනීපාරක්ෂක පද්ධති ලබන ඔක්තෝබර් මාසයට පෙර ඉදිකිරීමයි සැලසුම.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 11:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්