fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිවේගී මාර්ග තුනක් වසර අවසානයට පෙර විවෘත කිරීමට සූදානම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:09

අධිවේගී මාර්ග තුනක් වසර අවසානයට පෙර විවෘත කිරීමට සූදානම්

මේ වසර අවසන්වීමට පෙර අධිවේගී මාර්ග තුනක වැඩ අවසන් කර ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසනවා.

මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය, කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගය සහ මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගය ඊට අයත්. මෙරට මාර්ග ඉතිහාසයේ පෙරළියක් සිදුකරමින් දුම්රිය මාර්ගයකට ඉහළින් ගමන් කරන පළමු අධිවේගී මාර්ගය වන කඩවත කෙරවලපිටිය මාර්ගය ඉදිකෙරෙනවා. පළමු අධිවේගී අන්තර් හුවමාරුව ඉදිකර තිබෙන්නේ මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ. කඩවත කෙරවලපිටිය මාර්ගය විවෘත කිරීමත් සමඟ කටුනායක සිට ඍජුවම දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමේ හැකියාව සැලසෙන බව ද මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්