fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්රථ දෙකක් එකිනෙක ගැටෙයි – හය දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 09:18

බස්රථ දෙකක් එකිනෙක ගැටෙයි – හය දෙනෙකු ජීවිතක්ෂයට

බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව හැට එක් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේදීයි අනතුර සිදුව ඇත්තේ. ඇල්පිටිය සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා මුලතිව් සිට තංගල්ල දක්වා ගමන් ගත් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙසේ අනතුරට පත්වුණා. ලංගම බස් රථය කළුතර ප්‍රදේශයේ දී තවත් බවුසරයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ. ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් තුන්දෙනෙකු ද වනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 57 දෙනෙකු මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේද තුන්දෙනෙකු පානදුර මූලික රෝහලේද ප්‍රතිකාර ලබනවා.  ඒ අතර කුඩා දරුවකුද වන බවයි පොලීසිය පවසන්නේ. වැඩිදුර ප්‍රතිකාර සදහා එක් පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 4, 2019 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්