බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්රීඩක ඇන්ඩ්රි රසෙල්ට ඉන්දියාව සමග අද (03) පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පළමු තරග දෙක අහිමි වී තිබෙනවා.
ඒ කැනඩාවේ පැවැත්වෙන ගෝලීය පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය අතුරතුරදී රසෙල් අබාද තත්ත්වයකට ලක්වීම හේතුවෙන්. ඉන්දියාව සමග පැවැත්වෙන තරග 03කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා තමාට සහභාගි විය නොහැකි බව තේරිම් කමිටුවට ඔහු දන්වා තිබෙනවා.
අන්ඩ්රි රසෙල් වෙනුවට ජේසන් මොහොමඩ් කොදෙව් විස්සයි විස්ස සංචිතයට කැදවා තිබෙනවා.