fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැළණිය සංවර්ධන ව්‍යාපෘති සදහා අරමුදල් ලබාදීම හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:38

කැළණිය සංවර්ධන ව්‍යාපෘති සදහා අරමුදල් ලබාදීම හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන්

කැළණිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති සදහා අරමුදල් ලබා දීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කැළණිය මැතිවරණ කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 164ක නිවාසවල වහළ සකස් කර ගැනීම සදහා රුපියල් ලක්ෂ 164 ක මුදලක් පරිත්‍යාග කෙරුණා. එමෙන්ම පූජනීය ස්ථාන දහසයක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ද හිටපු ජනාධිපතිනිය ලබා දුන්නා.

එමෙන්ම තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම ද මෙහි විශේෂත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්