fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:16

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක්

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් ලබා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.

අබලන් ගොඩනැගිල්ලකයි කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙතෙක් පවත්වාගෙන ගියේ. ඒ සදහා මුල්ගල තැබීම අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා. එහි සියලු වැඩ නිම කර ජනතා අයිතියට පත් කිරීම අද පෙරවරුවේ සිදුකෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම පරණතිස්ස ස්වාමීන්වහන්සේ ද අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන / රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්