තාක්ෂණයෙන් පිරිපුන් අධ්‍යාපන ක්‍රමයක් සැකසීම අරමුණ බව අගමැති පවසයි
Related Articles
තාක්ෂණයෙන් පිරිපුන් අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම රජයේ මූලික අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
කීබල් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය නෙළුම් පොකුණ රගහලේදී ඊයේ (02) පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසරේ විවිධ දක්ෂතා දැක්වූ සිසු දරුවන් වෙනුවෙන් මෙහිදී සම්මාන හා සහතික ප්රදානය කෙරුණා.
කීබල් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.