fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් කෝටි තුනක රත‍්‍රං සමඟ නව දෙනෙක් කටුනායකදි අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 11:43

රුපියල් කෝටි තුනක රත‍්‍රං සමඟ නව දෙනෙක් කටුනායකදි අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක වටිනාකමකින් යුත් රත‍්‍රං තොගයක් සමඟ ශ්‍රී‍්‍ර ලාංකිකයන් නව දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බැංකොක් නුවර සිට ඔවුන් නීතිවිරෝධීව රත‍්‍රං තොගය රැගෙන විත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ කාර්යාලය සදහන් කළේ. රත‍්‍රං තොගයේ බර කිලෝ් ග‍්‍රැම් හතරකට අධිකයි. රන් දම්වැල් ලෙස මෙම ස්වරණාභරන තොගය සකස් කර තිබෙනවා.

අද(03) අලුයම අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල , කඩවත සහ නිට්ටඹුව ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඉදිරි විමර්ශන සදහා ඔවුන් රත‍්‍රං තොගය සමඟ ගුවන් තොටුපල රේගුවට භාරදුන් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ කාර්යාලය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2019 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්