ආර්ජන්ටිනා පාපන්දු නායක ලයනල් මෙසීට දකුණු ඇමෙරිකා පාපන්දු සම්මේලනය මාස තුනක පාපන්දු තහනමක් පනවා තිබෙනවා.
ඒ කෝපා ඇමෙරිකා තරගාවලිය දූෂිත එකක් බවට ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන්. පසුගියදා අවසන් වූ තරගාවලියේදී ආජන්ටිනාව චීලි දේශය පරදවා තුන්වන ස්ථානයට පත් වුණා. එහිදි මෙසී රතු කාඩ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කිරිමටයි විනිසුරු කටයුතු කළේ.
තරගයෙන් අනතුරුව මෙසි ප්‍රකාශ කර තිබුණේ මෙම තරගාවලිය බ්‍රසීලයට ජයග්‍රහණය ලබා ගැනිම සකසා තිබු බවයි. ඒ හේතුවෙන් මාස තුනක ජාත්‍යන්තර පාපන්දු තහනමට අමතරව ඔහුට ඇමෙරිකානු ඩොලර් පනස් දහසක දඩයක්ද නියම කර තිබෙනවා.